Rupane Episode 269 – November 13 2021

13 November 2021 431 Views

සුමියුරු ගී නද

Rupane Episode 269 – November 13 2021
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

සුමියුරු ගී නද තුළින් අද රූපණ සමඟ කතාබහට එක්වූයේ ටොරොන්ටෝවේ සංගීත වේදිකාව තම හඬින් රස ගන්වන ඉන්තාද් මොහොමඩ් සමඟයි.ඇයගේ  සංගීත පසුබිම පිළිබඳ මතකයන් අවදි කරමින් සඳහන් කළේ හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ තමන් ඇතුළු පවුලේ සියලු දෙනාම ගායන හැකියාවෙන් යුතු බවයි.කුඩා කාලයේම පුශ්පනී විජේවික්‍රම ගුරු මහත්මිය තමන්ගේ දක්ෂතාවන් හදුනාගෙන තමන්ව සංගීතයට යොමු කළ බවත්, ඒ අනුව හින්දු ස්ථානය සංගීත හදාරමින් හින්දු ස්ථානය සංගීත තරඟ, ජාතික නැටුම් සංගීත තරඟ හා ජන ගී තරඟ වලට ද සහභාගි වූ බවත් ඇය සිහිපත් කරයි.තවද පුශ්පනී මහත්මියගේ සැමියා වූ ලෙස්ලි විජේවික්‍රම මහතා ද තමන්ව රූපවාහිනි සංස්ථාවේ සංගීත වැඩසටහන් වලට සම්බන්ධ කරමින් තමන්ගේ සංගීත ගමනට රුකුලක් වූ බවද ඇය ඉතා නිහතමානීව මතක් කර සිටී.

ඉන්තාද් මහත්මිය තම සංගීත දිවියේ සුන්දර මතකයන් සිහිපත් කරමින් සඳහන් කළේ තම සංගීත මධ්‍යම විභාගයට සහභාගී වීමේ දී  තම ගුරුවරිය වූ පුෂ්පනී මහත්මිය විනිශ්ච මණ්ඩලයේ සිටිනු දැකීමෙන් තම හිතට මහත් ජවයක් ගෙන දුන් අතර මොහොතකින් ඇය ලකුණු සටහන් කරන පත්‍රිකාව විනිශ්ච මණ්ඩලයේ සිටි අනිත් විනිසුරුවරියට ලබාදුන් බවත් ඇයගේ ගායනය අවසානයේ විනිසුරු මඩුල්ලේ සිටි අනිත් විනිසුරුවරිය විමසා සිටියේ “කවුද දන්නේ නෑ මෙයාගේ පුහුණුකරු”. ඒ අවස්ථාවේදී පුෂ්පනී මහත්මිය සඳහන් කළේ එයා මගේ ගෝලයෙක් බවයි . මෙම අවස්ථාව තමන්ගේ සංගීත දිවියේ නොමැකෙන සොඳුරු මතකයක් බව ඉන්තාද් මහත්මිය සඳහන් කරයි.

ඇගේ සංගීත ගමන ගැන කතා කරමින් සඳහන් කළේ බත් භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයේ හින්දුස්ථානි සංගීතය හදාරමින් ප්‍රධාන විෂය ලෙස ගායනයද  අනු විෂයක් ලෙස වයිලින් වාදනයත් පුෂ්පය මහත්මියගේ මගපෙන්වීම යටතේ සිදුකළ බවයි.  තම පවුල් පසුබිමේ ස්වභාවය මත ඉන් ඉදිරියට සංගීතය හැදෑරීමට කටයුතු නතර කිරීමට සිදුවුවද සංගීතයට තිබූ ආශාවේ අඩුවක් නොවු බවයි.

කැනඩාවට පැමිණීමෙන් පසු ඇය සංගීතය සමඟ සම්බන්ධ වන පළමු අවස්ථාව වන්නේ දැනට වසර දහයකට පමණ පෙර ටොරොන්ටෝවේ පැවති ගායන තරඟයක් සඳහා ඉදිරිපත් වීම බවත්  එය තමන්ට ලැබුණු විශේෂ අවස්ථාවක් බවත් ඇය සිහිපත් කරයි.මෙම තරගය සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේ දී තමා විසින් තරඟය සඳහා කැසට් පටයක ගීතයක් පටිගත කර ඉදිරිපත් කළ අතර ඉන් ටික කලකට පසු ඇය අවසන් අට දෙනාට තේරී පත්වී ඇති බවට දැනුම් දුන් අතට ඇය එදින විශාල සතුටකට පත් වූ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මිලි සංසදය ප්‍රසංග සඳහා ද ටොරොන්ටෝවේ ගුවන් විදුලි වැඩසටහනක් වන සවන සඳහා ද ගීත ගායනා කරන අතරම රූපණ හා සම්බන්ධ වී කටයුතු කරන බව ද ඇය සඳහන් කළේ තම සොඳුරු මතකයන් අවදි වූ අවස්ථාවක් බව සිහිපත් කරමින්.තම වැඩිමහල් දියණිය ද තමාගේ අඩි පාරේ යමින් සංගීතය හා කටයුතු කරන අතරම ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුරදී සංගීතය ඉගැන්වීමේ කටයුතු සිදුකරන බවද එය ඊටත් මහත් සතුටට කාරණයක් බව ද සඳහන් කරයි.රසවත් ගීත රැසකින් රූපණ සුමියුරු ගී නද ගීතවත් කළ ඉන්තාද් මහත්මිය මේ වැඩසටහන සැඟවී සිටින දක්ෂයින්ගේ දක්ෂතාවන් එළිදැක්වීමට හොඳම තැනක් බව සඳහන් කරමි කරමින් මෙවර සුමියුරු ගීනද වැඩසටහන රසවත් ගීතයක් සමඟ නිමා කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos