Rupane Episode 268 – November 06 2021

6 November 2021 388 Views

දියසායම සායම් සිත තුළින් හිත නිවමු.

Rupane Episode 268 – November 06 2021
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

සන්නිවේදනයට යොදා ගන්නා අපූරු මාධ්‍යයක් ලෙස අතීතයේ ගල් ගුහා ආශ්‍රිත චිත්‍ර වල සිට අද දක්වා නොයෙක් ආකාරයේ චිත්‍ර හඳුනාගන්න පුළුවන්.චිත්‍රය අපූරු සන්නිවේදන මාධ්‍යක් ලෙස අපට හඳුනාගන්න පුළුවන්.එනිසාම අද මෙසේ දියසායම් තුළින් රූ රටා මවන කලාකරුවෙක් පිළිබඳ කතිකාවතක් රූපන හරහා ගෙන එනවා.මීට පෙර ඔහු රූපණ තුළින් හමුවන්නේ ග්‍රන්ථ රචකයෙකු ලෙසයි. ඩිජිටල් අවකාශය හරහා තම පළමු පොතට විශාල ජනප්‍රියතාවක් ලබා ගැනීමට හැකි වූ ඔහු නිමල් තන්තිරිගේ වෘත්තිය න්‍යෂ්ටික න්‍යෂ්ටික විදුලි බලාගාර පද්ධතිය වලින් ඉංජිනේරු උපදේශකයෙකු වන ඔහු කලාකාමී පවුල් පසුබිමක් හිමි දක්ෂ නිර්මාණකරුවෙක්.

ඔහු රූපණ සමග එක්වෙමින් සඳහන් කළේ විනෝදාංශයක් ලෙස ලෝකයේ ලෝකේ විශේෂ ස්ථානවල සංචාරය කරන අතර එහිදී ලබා ගන්නා ලබාගන්නා සුන්දර ඡායාරූපයන් හා එම අත්දැකීම් තමන් විසින් දියසායම් සිතුවම් බවට පත්කරන බවයි.ඒ අනුව හවායි වෙරල තීරයේ හකු නයි ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී ලබාගත් ඡායාරූපයක් sithuwamak බවට පත් කළ ඔහු ඒ පිළිබඳව සඳහන් කළ ඉතා සුන්දර ආකර්ෂණීය වෙරළ තීරයක් වූ මෙම ස්ථානය තමාගේ සිත් ඇද බැද ගත් බවයි.එම නිසා එහිදී ලබාගත් එහි දී ලබාගත් ඡායාරූප අතරින් ආකර්ෂණීය ඡායාරූපයක් තමා සිතුවමට නැගූ බවයි.ඔහු පේරු ර…

ඊට හේතු වුයේ එහි සඳහන් විස්තරාත්මක බව වැඩිවීම නිසාත් වර්ණ සංකලනය සංකීර්ණ වූ නිසාත් බවයි.කැනඩාවේ ලොකුයි කඳුවැටි ආශ්‍රිත බැම්පස් ජාතික උද්‍යානය උද්යානය mount branches සහ sovereign lake වැනි ප්‍රදේශ කිහිපයක ලබාගත් ඡායාරූප කිහිපයක් සිතුවම් කිරීම පිළිබඳව සඳහන් කළේ වෙනත් අය ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් තමන්ගේ තෙළිතුඩින් හැඩ වූ බවයි මෙහිදී ඔහු සඳහන් කළේ මෙම සිතුවම් කරනයේ දී තමාට ලැබෙන වටිනාම දේ තමාට ලැබෙන ආදරණීය ප්‍රතිචාර බවයි.නිව් braun state

නිව් බ්‍රොන්ස්විට් ප්‍රදේශයේ ඇතිවූ හලකින් ආභරණ වූ පාලමක ඔහු නැගූ සිතුවමක් පිළිබඳව කතාබහට එක්වෙමින් සඳහන් කළේ ඔහුගේ මිතුරෙක් විසින් ලබාගත් ඡායාරූපයක් තමන් විසින් සිතුවම් ගත කළ බවත් මෙහි විශේෂත්වය එම සිතුවමේ අහස කහපාටින් දැක්වීමට තමන් කටයුතු කළ බවත්ය.ඡායාරූපය නොතිබූ මෙම වර්ණය සිතුවමට වෙනස් හැඩයක් ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.ඔහුගේ සිතුවම් එකතුවේ හමුවන newfoundland හි ගොවිපොළක සිතුවම පිළිබඳ නිමල් මහතා සඳහන් කළේ වසන්තයෙන් පසු එළඹෙන කාලය එහි දැක්වෙන බවයි.සුළං අධික ප්‍රදේශයක් නිසා තණකොළ පඳුරු පැත්තකට බර වී ඇති අතර එහි කැඩුණු වැටක් හා හුදකලාව තිබෙන නිවස ඔහුගේ සිත් ගත් නිසාම ඒ සිතුවමින් ප්‍රකාශ කිරීමට ඔහුට සිත් වූ බව ඔහු සඳහන් කරයි.චිත්‍රයක් නිර්මාණය කිරීමේදී පියවර කීපයක් ඇති බව සඳහන් කළ නිමල් මහතා මොනා නම් සමනලයගෙ චිත්තයක් ඇසුරෙන් එය ඒ පැහැදිලි කර ඇත මූලිකව සමනලයා මලේ වසා ඇත…

සුනිල් මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකීය සුන්දරත්වය විදහා දැක්වෙන චිත්‍ර කීපයක් ම ඔහුගේ නම ඔහුගේ නිර්මාණ අතරට එක් කර ඇති අතර ඉන් එක් නිර්මාණයක් වන ඉර බැසගෙන යන සැන්දෑවක තිසාවැවේ ඔරු පදින්නෙකුචිත්‍රය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම චිත්‍ර නිර්මාණය කිරීමට පසුබිම් වූයේ ඔහු දුටු පොතක වූ චිත්‍රයක් බවයි.මෙහි ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වෙන බැවින් ඔහු ඒ චිත්‍රය නැගීමට කටයුතු කළ බවයි.

ලංකාවේ දකුණු පළාතේ උපන්නෙකු වන සුනිල් මහතා සමීප චිත්‍රයක් ලෙස විසින් නිර්මාණය කරන ලද දැල් අදින ධීවරයින්ගේ චිත්‍ර නිර්මාණය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ තම ජීවිතයට ඉතා සමීප දසුනක් වන මෙය චිත්‍රයට නැගීමට තමාගේ සිත තුළ දැඩි ආශාවක් පැවති බවයි .නමුත් ඒ සඳහා තමාට සෑහීමකට පත් වීමට හැකි ඡායාරූපයක් නොමැති වූ බැවින් ඒ සම්බන්ධව දැක්වෙන ඡායාරූප කිහිපයක් එක් කොට මේ චිත්‍රය නිර්මාණය කිරීමට තමා කටයුතු කළ බවයි

ඒ වගේම තමාට සමීප දසුනක් වූ හිටි පන්න ධීවර කර්මාන්තය සම්බන්ධ නිර්මාණය කළ චිත්‍රය පිළිබඳ සඳහන් කළේ තමා නිර්මාණය කළ චිත්‍ර අතරින් හොඳම චිත්‍රය මේ බවත් තමාගේ සිතේ තිබූ දසුනක් වන මෙය නිර්මාණය කිරීමට සරිලන සිත් ගත් ඡායාරූපයක් නොතිබූ අතර සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙන තිබූ විශාල පින්තූරයකින් ලබාගත් එක් කොටසකින් මෙම චිත්‍ර නිර්මාණය කිරීමට තමා කටයුතු කළ බවයි .එහි විස්තරාත්මක බව මනාව දැක්වීමට තමා විශාල වෙහෙසක් ගත් බවත් ඒ සඳහා වැඩි කාලයක් තමාට ගත වූ බවත් නිමල් මහතා සඳහන් කරයි.

දෙවුන්දර ප්‍රදීපාගාරය චිත්‍රයට නැගීම සම්බන්ධ වූ සඳහන් කළේ එම ස්ථානය තමාගේ ජීවිතයට ඉතා සමීප ස්ථානයක් බවත් ඒ පිළිබඳ ඔහුගේ මතකය අලුත් කරමින් ඔහු සඳහන් කළේ එක් දහස් නවසිය හතළිස් ගණන්වල තමාගෙන් සීයා ප්‍රතිභා ගාර භාර නිලධාරී ලෙස කටයුතු කළ ඇති අතර තමාගේ මව ඇතුළු ඔවුන්ගේ පවුලේ සියලු දෙනා ජීවත් වූයේ ප්‍රදීපාගාර නිවසේ බවත් එහිදී ඔවුන් ගෙවූ ජීවිතේ අත්දැකීම් තමන්ට ඉතා සමීප බවත්ය.මේ චිත්‍රය නිර්මාණය කලේ වෙනත් කෙනෙකුන් විසින් ලබාගත් ලබා ගත් ඡායාරූපයක් ආශ්‍රයෙන්  බවත් එහි අන්තර්ගත තොරතුරු රැසක් වූ බවත් ඔහු සඳහන් කරයි .

අවසන් වශයෙන් ඔහු සඳහන් කළේ තමන්ගේ වෘත්තියට වඩා වෙනස්ම දෙයක් ලෙස තමා සිදුකරන චිත්‍ර නිර්මාණ තමාගේ මානසික නිදහසට විශාල පිටුවහලක් වන බවත් මේ සම්බන්ධව තමාට හැකියාවක් තිබුණ ද සැදෑ සමය වනතෙක් ම තමා මෙවැනි නිර්මාණ සිතු නොකල බවද ඒ පිළිබඳ තමා කනස්සල්ලට පත් වන බව ද සඳහන් කරයි කෙනෙකුගේ මානසිකත්වය ද ඔහු කරන නිර්මාණ හරහා මනාව පිළිබිඹු වන බවද චිත්‍රය මානසික සහන් සහනය සඳහා මනා පිටුවහලක් වන බව ද සඳහන් කරයි.අපූර්ව මාධ්‍යයක් වන චිත්‍රයේ විස්තරාත්මක තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීම ඉතා සංකීර්ණ කාර්යයක් බව ද සඳහන් කරමින් ඔහු කතාබහ අවසන් කළේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos