තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ගේය පද රචකයා – නිලාර් එන් කාසිම්
(පලමු කොටස)
Rupane Episode 285 – March 05 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada
කවියෙකු, වැඩසටහන් ශිල්පියෙකු, හරවත් රූපවාහිනී වැඩසටහන් නිවේදකයෙකු මෙන්ම වැඩසටහන් සංවිධායකවරයෙකු ලෙස රූපවාහිනී සංස්ථාවේ පරිපාලකයෙකු ලෙසත් රසවින්දනයෙන් මෙන්ම, දැනුමෙන් ද තාරුණ්‍ය පෝෂණය කරන්නා වූ ඔහු විශ්‍ව විද්‍යාල බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කටයුතු කරන මෙතුමා රසික හදවත් තුල බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඔහුගේ ගීත රචනා නිසාවෙන්මය. මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රි ජයවර්ධපුර විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබීය. එහිදී සිංහල සාහිත්‍ය උපාධිය ගෞරවවේදී සමාර්ථයක් සහිතව නිමකලේ එවන් දස්කමක් පෑ පළමූ ලාංකික මුස්ලිම් ජාතික ශිෂ්‍යා බවට පත්වෙමිනි. පුවත්පත් කලා ශිල්පියෙකු ලෙස තම වෘත්තීය ගමන්මඟ ඇරඔූ ාහු ස්වත්‍රන්ත නිර්මාණ කෘති කිහිපයක් ද පරිවර්තන කෘති කිහිපයක් ද රචනාකර තිබේ. ජනප්‍රිය ධාරාවේ ගීත මෙන්ම ස්භාවික සරල ගීත, ටෙලි නාට්‍ය, චිත්‍රපට ගීත ආදී මෑත කාලයේ මුවග රැදි ජනප්‍රිය මෙන්ම රසවෑහෙන ගීත බොහෝමයකට පද එකතුකර කලාවට දායාද කර ඇත්තේ මොහුය. කලාව වෙනුවෙන් සිදුකලා වූ මෙහෙවර වෙනුවෙන් සම්මානනීය වූ අවස්ථා රැසකි. ඒ අතරින් වරපෙරළිය ටෙලිනාට්‍ය වෙනුවෙන් සිඩ්නි සම්මානය හිමිකර ගැනීම සුවිශේෂි අවස්ථාවක් වේ. පැහැසර අරුණක, කිරි කෝඩු හිතට, වළාකුළු වියන්, සසර වසන්තය ආදී ඔහුගේ ගීත රචනා කෘති ඔස්සේද ලියවී තිබෙන අතර ගීත රචනා පිළිබද රුචිකත්වයක් දක්වන්නන්ට ඒවා අත්පොත් ලෙස භාවිතා කිරීමට ද හැකියාව පවතී. ඒ අතරින් වළාකුළු වියන් කෘතිය රාජ්‍ය සම්මාන සදහාද නිර්දේශිත කෘතියක් වේ. මෙතුමාගේ රෝස වසන්තය නිර්මාණය විද්යෝධය සාහිත්‍ය සම්මාන වෙනුවෙන් පිදුම් ලැබූ ග්‍රන්ථයක් ලෙස ඉතිහාසගතවේ. 1990 දී විහඟ ගීතය ගීත ඇල්බමයත්, 2000 වර්ශයේ දී කිරිකෝඩු හිතට ගීත ඇල්බමයත් එළි දැක්වූ ඔහු 2000 වර්ශයේ දී හොදම යොවුන් මාධ්‍යවේදියා ලෙස කොළඔ සරසවියෙන් හා 2007 වර්ශයේ දී ජපාන ශ්‍රි ලංකා මිත්‍රත්ව සංගමයේ බුංගා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් ඔහු සිදුකල සේවය ඇගයීමක් ලෙසයි. මේ වන විට ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යභාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරන ඔහු කොළඔ සරසවියේ ශ්‍රි පාලී මණ්ඩපයේ භාහිර කතිකාචර්‍යවරයෙකු ලෙසද සේවය කරයි. තාරුණ්‍යයේ රිද්මය හදුනාගෙන එම රිද්මයට ආදරණිය පද එකතුකරන ඔහු නමින් නිලාන් එම් කාසීම් නම් සෙදුරු සන්නිවේදකයායි.
90 දශකයේ ආරම්භයේදී ගීතකලාවට යොමු වූ මෙතුමාගේ පාසල් අවධිය පිළිබද වෙතට මතකය ගෙනයෑමේදී පුවත් පත්, සඟරා පිටු සදහා කවි, නිසඳැස් යොමුකල අපූරු මතකයන් හා රැඳී තිබේ. ඒ ආභාෂයත් සමගම මොහු ගීත රචනය සදහා යොමු වී ඇත. ගීත රචනා සදහා යොමු වූ මුල් කාලයේදී ගීත රචනා එවකට සිටි ජනප්‍රිය දක්ශ ගායක ගායිකාවන් සදහා තැපැල් කලද ඒ ගීත ගායනය සදහා ඔවුන් යොමු නොවූ බව මෙතුමා ප්‍රකාශ කලේ ඔහුගේ උාහයේ ඇති ශක්තිමත් බව පෙන්වමිනි. ගමෙන් කොළඔට උසස් අධ්‍යාපනය සදහා පැමිණෙන කාසීම් විකල්ප සඟරාවක් වූ විවරණ සඟරාව හා සම්බන්ධ වේ. එම කාර්යාලයම තම නවාතැන කරගත් මොහුට අසල්වාසියෙකු ලෙස ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් හා මිත්‍රත්වයක් ගොඩනැගීමට අවකාශය උදාවිය. ඒ ඔස්සේ නිරන්තර කලාකරුවන්ගේ එනම් ලූෂන් බුලත්සිංහල, එච්. එම් ජයරත්න, ජැක්සන් ඇන්තනී, මාලනී බුලත්සිංහල ආදීන්ගේ ඇසුර හිමිවිය. මේ කාලවකවාණුවේ දී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආරාධනවක් පරිදී රඔුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන් විසින් තෝරාග් ගීත නිර්මාණ අතර මෙතුමාගේ ගීතයක් ද එකතු වී තිබුණි. මේ තෝරාගැනීම මෙතුමාගේ ගීත රචනාවක් ඇල්බමයක් වෙනුවෙන් එකතු වූ පළමු අවස්ථාව විය. මෙය මාලනී බුලත්සිංහල මහත්මිය විසින් සුසුමක රාගය ලෙසින් සංයුක්ත තැටියට එකතු විය. මෙම ගීිතය එතරම් ජනප්‍රියත්වයක් හිමිකර නොගත්තත් පසු කාලීනව අසංක ප්‍රියමන්ත මහතා ගායනා කරන පැහැසර අරුණ, සඳදිය සේ සිනහව පිපුණා, මාලිනී බුලත්සිංහල හා අමරසිරි පීරිස් ගායනා කරන දෙහදක ගීය මෙන්ම සමන්ත පෙරේරා ගායනා කරන හිත දඟකාරකම් කරයි ගීත හරහා කාසිම් නාමය මිනිසුන් අතරට යන්නට විය.
මාතර රාහුල විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරා උසස් පෙළ වෙනුවෙන් ජීව විද්‍යාව විෂය ධාරාව තෝරාගෙන කෙටි කාලයක් ඒ වෙනුවෙන් අධ්‍යන කටයුතු සිදුකලද එය සිත් නොගත් රුචියක් නොවූ බව දැනීමත් සමග කලා විෂය ධාරාවට අත්පොත් තැබූ කාසීම් සිංහල ඇතුලු සෙසු කලා විෂයන් තෝරා ගන්නා ලදී. භාෂාව වෙනුවෙන් ඇතිවූ ඇල්ම, නැඔුරුව, ආශාව ආදරය පාසල් කාලයේ සිටම පැවතී සුවිශේෂි වූ ගුණාංගයකි. එවකට උසස් පෙළ පෞද්ගලික පන්තියක් කල වංශාගොඩ රතනපාල ස්වාමීන් වහන්සේ විශාල මඟපෙන්වීමක් සිදු කර නිවරදි ගමනකට කාසිම් මහතාව ගෙනයාමට උපකාරී වූ හිමිනමකි. උසස් පෙළ නිමවීමත් සමග රටේ පැවති දේශපාලනික ගැටලුකාරී තත්වයන් හේතුවෙන් විශ්ව විද්‍යාල ආරම්භය වසරක් දෙකක් ප්‍රමාද වීම සිදුවිය. මේ කාල වකවානුවේ දී ස්වාමීන්වහන්සේගේ මඟපෙන්වීම පරිදී සංස්කෘත විෂය අධ්‍යනය කිරීම සදහා අවකාශය ගොඩනැගෙන ලදී. භාෂව හා නෑදෑකම් හදාගනිමින් සිදුකල මේ ගණුදෙනුවේ දී විශ්වවිද්‍යාලය මහගු තෝතැන්නක් වූ බව මොහු පෙන්වා දෙනුයේ සතුටිනි.
ගීතයක අනන්‍යතාව හදුනාගෙන එහි සංස්කෘතිය, ප්‍රකාශන විලාශය අනුව ගීත රචනා නිර්මාණය කිරීම සිදුකල යුතුයි. කේමදාස මාස්ටර් හා ගතකල කෙටි කාලය නිලාම්ගේ ජීවිතයේ වෙනම තක්සලාවක් බදු වූ බව එතුමා පෙන්වා දෙන්නකි. එතුමාගෙන් ලැබූ ආභාෂය මෙම ගමන් මගට මහඟු පිටුවහලක් වූ බව මොහුගේ මතයයි. ගීතයක් ලියා තණුවක් නිර්මාණය කිරීම මෙන්ම තණුවක් සදහා ගීතය නිර්මාණය කිරිම වැනි අභියෝගය සදහා ද මොහු දක්ෂ ලෙස මුහුණ දුන් පද රචකයෙකි.
ටෙලි නාට්‍ය ගීත හෝ චිත්‍රපට ගීත නිර්මාණය යනු සාමාන්‍ය ගීතයකට වඩා වෙනස් වූ උත්සහයක්. එනම් සරළ ගීතයේ පැවති නිදහස ගීත රචකයා තුල නොමැති අවස්ථාවක් එනම් චිත්‍රපටයේ හෝ නාටයේ රූපරාමුවට ගැලපෙන අධ්‍යක්ෂකවරයාගේ රුචිකත්වයට හා එම නිර්මාණය වෙනුවෙන් උපරිම සාදාරණීයව සිදුකරන නිර්මාණයක් වේ. මෙහිදී පිටපතට අනුව එය උද්දීපනය වන අදාල ජවනිකාවට යෝග්‍ය අදහස් සහිතව භාෂාව තෝරා ගනිමින් නිර්මාණය සිදුකිරිමට නිලාම් මහතා හැකි උපරිම උත්සහය ගන්නා අතර ඔහුගේ නිර්මාණයන් ඒ සදහා උදාහරණ සපයයි.