Rupane Episode 328 – December 31 2022

31 December 2022 408 Views

රූ 31..
Rupane Episode 328 – December 31 2022
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අද විශේෂිත දවසකි අද වසරේ අවසාන දිනයයි. අද වැඩසටහන ගෙන එන්නෙ රූ 31 නමින් විශේෂිත වැඩසටහනකින්‍ ය. අද අප වැඩසටහන මගින් හමුවන්නෙ තවත් විශේෂිත වූ පුද්ගලයෙකි. නමින් ඇය ඌෂිජා ද සොයිසා ය. ඇය දක්ෂ නිවේදිකාවකි. තවද දිනූෂා සොහොයුරිය ද අද අප සමග එකතු වනු ඇත.

ප්‍රථමයෙන් ම කලාශූරී ලතා වල් පොල මහත්මියගේ ගීතයක් දිනුෂා ගෙ සුමියුරු හඬින් ගීතයක් රස වින්දෙමූ.
රොන් සොයා පියාඹන සමනැලියකසේ….

අනතුරුව අප සමග සමන්ත සොහොයුරා ද මෙම වැඩසටහන සමග එකතු වුවාය.
නැවතත් අප ඔහුගෙ හඬින් ද රසවත් ගීතයක් රස වින්දෙම…
පරවුනු මල් නැවත නැතෙ පිපෙන්නෙ…

නිමේෂා කෙත්මිනි නර්ථන ශිල්පිනියක ද අප සමග එකතු වුවා. ඇය අපට ඇයගේ නර්ථන දස්කම් හරි අපූරුවට ඉදිරිපත් කරනූ ලැබූවා.

ගංගා සහ කපිල හරිස්චන්ද්‍ර ද අප සමගින් එකතු වූවාය. ඔවුන්ගෙ සුමියුරු යුග ගායනයකට සවන් දීමටද අප යොමු වුයේමු.
ආලේ මිහිර පෙන්නා සියතුන් නාද දුන්නා…

එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක දෙපලගේ නිතර අසන්නට නොලැබෙන රසවත් ගීතයක් මෙලෙසින් ඉදිරිපත් කිරීම පිළිබඳව අප ඔවුන් දෙපලට ස්තූතීවන්ත විය.

රසවත් Dj රසාස්වාදයක ලබා දීම සදහා අප සමග අද Dj A3 අත්‍රි මාපිටිගල එකතුවනාවාය. ඔහු ශබ්ද ඉංජිනේරු වෘත්තියෙ යෙදෙන්නෙකි. අප ඔහු ලබා දුන් සංගීත රසාස්වාදයෙන් සතුටු වූයේමූ.

මෙලෙසින් ඔවුනොවුන්ගෙ විවිධ රසවත් ගීත සහා නර්ථයන් රස විදිමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්විය.
සුභ දවසක් මෙන්ම සුභ නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමූ !

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos